බෞද්ධ සිද්ධස්ථානයකට පිවිසෙන පියගැට පෙළ දෙපස මුරගල හා ගොඩනැගිල්ලේ පිල්කඩ හා සම්බන්ධ වන සේ යෙදූ අත්වැල කොරවක්ගල නමින් හැදින්වෙයි.පඩිපෙල දෙපස යොදා ඇති කොරවක්ගල් දෙකෙන් පඩිපෙලේ ආරක්ෂාවත්,ශක්තියත්,අලංකාරයත් ගෙන දෙන අතර නගින බහින අයට පහසුවක් ද සපයයි.මුදුනත චක්ර හැඩයෙන් යුත් මෙම ගලෙහි අග කෙළවර පෙන්නා ඇත්තේ ඉහළ සිට වැටෙන ජලධාරාවක් පහළට වැටීමේ දී ඇතිවන සුළියක හැඩයක් ඇතිවන අයුරු ය.
අනුරාධපුර යුගයේ කොරවක්ගල සදහා වැඩිපුරම යොදා ඇත්තේ මකර රූපය යි.පිල්කඩ පැත්තෙන් මකරා ගේ හිස පෙන්නා මුඛයෙන් විහිදෙන ඇත්සොඬ දිගට ලියවැල්,නෙලුම් මල් හා ගැට ලියපත්වලින් අලංකාර වී ඇත.මකරා ගේ හිසමත කොණ්ඩයක් බැඳි අයුරු මතුකර පෙන්වයි.මකර රූපය රාජකීය ලක්ෂණයක් ලෙසද,අලංකාරය හා ස්ථානයේ ආරක්ෂාව සදහාද මෙය යොදා ගෙන ඇතැයි වියත්හු
පවසයි.
No comments:
Post a Comment