වංශ කතා අනුව ශ්‍රී ලංකාවේ බුදු පිළිම නෙලීම ගන්ධාර,මථුරා සහ අමරාවතී ආදී සම්ප්‍රදායයන් අනුව සිදුවී ඇත.ක්‍රි.පූ 327 දී දෙවන පෑතිස් රජු ථූපාරාමය අසල සල පිළිමයක් පිහිට වූ බවත්,දුටුගැමුණු රජු රුවන්වලිසෑයේ ධාතු ගර්භයේ රනින් කල බුදු පිළිමයක් නිදන් කරවූ බවත්,කාවන්තිස්ස රජු සේරුවාවිල චේතියේ බුදු පිළිමයක් කරවූ බවත් මහා මහාවංශයේ සදහන් වෙයි.
කලාකරුවන් විසින් බුදු පිළිම සතර ඉරියව්වකින් නිර්මාණය කර ඇත.එනම්
- හිටි පිළිම
- ඉදි පිළිම
- සෑතපෙන පිළිම
- සක්මන් පිළිම
මෙලෙස නිර්මාණය කරන ලද බුදු පිළිමවල තවත් සුවිශේෂී ලක්ෂණයක් ලෙස විවිධ මුද්‍රා වලින් යුක්ත ව තිබීම පෙන්වා දිය හැකිය.බුදු පිළිමවල දැකිය හැකි මුද්‍රාවන් වන්නේ ධ්‍යාන,අභය,විතර්ක,භූමි,ස්පර්ශ,ධම්මචක්‍ර,වරද,පරදුක්ඛ දුක්කඛිත,ආදී වශයෙනි.
- ධ්‍යාන මුද්‍රාව
වම් අත්ල මත දකුණු අත්ල තබා උකුල මත රැද වූ ලෙසින් දෑක්වෙන මෙම මුද්‍රාව සහිත බුදු පිළිම බහුලව දක්නට ලැබෙයි.බුදුරජාණන් වහන්සේ භාවනායෝගීව වැඩ සිටිනා අයුරු නිරූපිතය.මහමෙවුනා උයනේ සමාධි පිළිමය හා තොලුවිල පිළිමය මීට නිදසුන් ලෙස දැක්විය හැකි ය.
- අභය මුද්‍රාව
දුකට පත් වූවන් ගේ බිය පහ කිරීම මෙයින් මූර්තිමත් කෙරෙයි.දකුණු අත නමා උරහිස තෙක් ඔසවා අල්ල ඉදිරියට හැරෙන සේ නිර්මාණය වී ඇත.අවුකන බුදු පිළිමය මේ සදහා නිදසුනකි.
- විතර්ක මුද්‍රාව
දහම් දෙසන අවස්ථාවේ ගැටලු නිරාකරණය කිරීමට දකුණු අත මාපට ඇගිල්ල දබරුගිල්ල හ එක්කොට දක්වන අයුරින් මෙය නිරූපිතය.මෙය ව්‍යාඛ්‍යාන නමින්ද හැදින්වේ.
thanks for pictures
ReplyDelete