Saturday, January 14, 2012

වාහල්කඩ

වාහල්කඩ වූ කලී ලාංකීය කලාකරුවා ගේ කලා කෞශල‍යය මනාව පිලිඹිබු කරන තවත් එක් නිර්මාණයකි.පැරණි ස්ථූපවල අත්තිවාරමට සම්බන්ධ කොට සතර දිසාවට මුහුණලා අලංකාර කැටයම් සහිතව වාහල්කඩ ගොඩනැගිලි ඉදි කරවා ඇත.මූර්ති කලාව පිළිබද පැරණිම නිදසුන දක්වන වාහල්කඩ ලංකාවේ දාගැබ් වලට අයත් ඉතාම වැදගත් අංගයකි.ක්‍රි.පූ 1 වන සියවසේ දී පමණ මේවා තැනීම ආරම්භ වී ඇතැයි පරණවිතාන මහතාගේ මතයයි.
වාහල්කඩ දෙපසෙහි තනි කලු ගලින් නිම කළ උස කණු දෙක බැගින් ද ඒ දෙපස මිටි ගල් කණු දෙක බැගින් ද පිහිටුවා ඇත.ඇතැම් තැනක උස කණුව මුදුණෙහි ගලින් නෙළන ලද සිංහ රූපයක් හෝ ඇත් රූපයක් සවිකොට ඇත.මේ අනුව පැති සතරෙහිම උස කණු මත ඇත්,අස්,සිහ හා ගව රූප සවිකොට තිබෙන්නට ඇතැයි සිතිය හැකිය.කණු මුදුණතෙහි අල්පොන්නතක කැටයමින් යුක්ත ය.උස කණු කොටස් කීපයකට බෙදා එක් එක් කොටසෙහි ඇතුන්,පැටවුන් සහිත මොණරෙකු,ජය කොන්තය.පුන්කලසින්  විහිදෙන ලියවැලක් වැනි කැටයමින් සරසා ඇත.ලියවැලෙහි  හිස්තැන් තුළ ඇත්,සිංහ,මිනිස් හා කුරුලු රූප කැටයම් කර ඇත.
ලියවැලෙහි කද ඉහළ දී ක්‍රමයෙන් සිහින්වෙයි.කඳ දෙපසින් විහිදෙන නිරූඪ දිගටි කොළ ඉහළට යන විට කුඩා වෙයි.මුදුනතෙහි ධර්ම චක්‍රය,චත්‍රය, හෝ ත්‍රිරත්න වැනි බෞද්ධ සංකේත කැටයම් කර ඇත.කුඩා කණුවල පෙණ කීපයකින් යුත් නාග රූප ද,හිස පිටුපසින් දැක්වෙන පෙණ තුන,පහ සහ හත බැගින්  යුතුව මිනිස් රැවින් දැක්වෙන නාග රූපද කැටයම් කර ඇත.මෙලෙස නිර්මාණය වූ වාහල්කඩ නම් වූ කලා නිර්මාණය විශිෂ්ට නිමැවුමකි.

Thursday, January 12, 2012

කොරවක්ගල

බෞද්ධ සිද්ධස්ථානයකට පිවිසෙන පියගැට පෙළ දෙපස මුරගල හා ගොඩනැගිල්ලේ පිල්කඩ හා සම්බන්ධ වන සේ යෙදූ අත්වැල කොරවක්ගල නමින් හැදින්වෙයි.පඩිපෙල දෙපස යොදා ඇති කොරවක්ගල් දෙකෙන් පඩිපෙලේ ආරක්ෂාවත්,ශක්තියත්,අලංකාරයත් ගෙන දෙන අතර නගින බහින අයට පහසුවක් ද සපයයි.මුදුනත චක්‍ර හැඩයෙන් යුත් මෙම ගලෙහි අග කෙළවර පෙන්නා ඇත්තේ ඉහළ සිට වැටෙන ජලධාරාවක් පහළට වැටීමේ දී ඇතිවන සුළියක හැඩයක් ඇතිවන අයුරු ය.
අනුරාධපුර යුගයේ කොරවක්ගල සදහා වැඩිපුරම යොදා ඇත්තේ මකර රූපය යි.පිල්කඩ පැත්තෙන් මකරා ගේ හිස පෙන්නා මුඛයෙන් විහිදෙන ඇත්සොඬ දිගට ලියවැල්,නෙලුම් මල් හා ගැට ලියපත්වලින් අලංකාර වී ඇත.මකරා ගේ හිසමත කොණ්ඩයක් බැඳි අයුරු මතුකර පෙන්වයි.මකර රූපය රාජකීය ලක්ෂණයක් ලෙසද,අලංකාරය හා ස්ථානයේ ආරක්ෂාව සදහාද මෙය යොදා ගෙන ඇතැයි වියත්හු පවසයි.


මුරගල

මුරගල හෙවත් දොරටුපාල රූපය පිහිටුවා ඇත්තේ පෑරණි සිද්ධස්ථාන වෙත පිවිසෙන පියගැට පෙළ පාමුල දෙපස වේ.මුරගලට පිටුපසින් ඇත්තේ කොරවක්ගල ය.මුලින්ම කොරවක්ගල ඉදිරිපස මුරගල යොදා තිබුනේ නැත.
එහි මුදුනත හතරැස් හැඩය වෙනුවට කවාකාර හැඩයක් ගැනිණිි.කනුව වෙනුවට යොදා ගත්තේ ගල් පුවරුවකි.පලමුවෙන් මුරගල තනන ලද්දේ කඩු මිටක ආකාරයට ය.ඉන්පසු මුරගල සදහා යොදා ගන්නා ලද්දේ පුන්කලස ය.පසුව නාග රූපයද,වාමන රූපයද යොදා ගෙන ඇත.
ඇතැම් තැනක යොදා ගෙන ඇති වාමන රූප සංඛ්හ,පද්ම යනුවෙන් නම් කෙරෙයි.සංඛ්හ නම් හක්බෙල්ලෙකු ගේ හැඩය හිසට යොදා නෙළා ඇති වාමන රූපය යි.පද්ම නම් පද්මයක හැඩය හිසට යොදා කැටයම් කරන ලද වාමන රූප සහිත මුරගලයි.තවද නාග රූප පෙන පහක් හෝ පෙන හතක් සහිතව මුරගල් නිර්මාණය කර ඇත.පසු කලෙක මෙය වඩා අර්ථවත් නිර්මාණයක් විය.

Wednesday, January 11, 2012

වටදාගෙය

ශ්‍රී ලංකාවේ සමහර ස්තුප වටා සාදන ලද අලංකාර ගල්කණු සහිත කවාකාර ගෙවල් සිංහල කලාකරුවන්ගේ කලා කෞශල්‍යය විදහා පෙන්වන තවත් එක් නිර්මාණ විශේෂයකි.වටදාගෙය නම් වූ මෙය චේතියඝර,ථූපඝර,චේතිය ගෘහ,සෑ ගෙය යනුවෙන් ද හැදින්වෙයි.ස්තූපයේ ආරක්ෂාවත් අලංකාරයත් අරමුණු කොට ගෙන වටදාගෙය නිර්මාණය කර ඇත.
 ආරම්භයේදී කණු දැවයෙන් කරවා පසු කලක ගල් කණු යොදන්නට ඇතැයි සිතිය හැකිය.ගල් කණු අටපට්ටම්ය.ඇතැම් කණුවල මුල් කොටස හතරැස්ව ද අග කොටස අටපට්ටම්ව ද තනා ඇත.මේ කණුවල හිස් වෙනම නෙළා කුඩුම්භි වලින් කණු මුදුනට සවිකල බව පෙනෙයි.රවුම් හා අටපට්ටම් වූ මේ කණු හිස්වල සිංහ,හංස, හා වාමන රූප නෙළා ඈඇත.මෙහි වහල මුදුන අර්ධ ගෝලාකාර ය.දැවයෙන් නිමවා පැතලි උළු සෙවිලි කර ඇත.
අනුරාධපුරයේ ථූපාරාමය,ලංකාරාමය,රාජාංගනය,මිහින්තලේ අම්බස්තලය,දීඝවාපිය,මැදිරිගිරිය,තිරියාය ගිරිහඩු සෑය,අත්තනගලු වෙහෙර හා පොළොන්නරුව වටදාගෙය ආදිය දැනට පවතින නටබුන් ය.
ශ්‍රී ලංකාවේ මුල් ම වටදාගෙය ථූපාරමය වටා වසභ රජු කරවා ඇති බවට සදහන් වෙයි.කලාත්මක වටදාගෙයක නටබුන් සදහා මැදිරිගිරිය ප්‍රසිද්ධ ය.මැදිරිගිරිය සිංහල කලාකරුවා ගේ කලා කෞශල්‍යය විදහා දක්වන උසස් නිර්මාණය කි.තව ද පොළොන්නරුව වටදාගෙය ද විශිෂ්ට ගණයේ නිර්මාණයක් ලෙස හදුන්වා දිය හැක.

සදකඩපහණ

බෞද්ධ ගොඩනැගිලිවලට පිවිසෙන පඩිපෙල මුල මුරගල් දෙකට මැදිව පිහිටවූ අර්ධ කවාකාර ගල් පුවරුව සදකඩපහණ නමින් හදුන්වයි.මෙය වූ කලී විශිෂ්ට නිර්මාණයකි.ක්‍රි.පූ පළවන සියවසේ දී ගල් කැබලි සමූහයක් එකතු කොට සාදන ලද මෙය කල්යත්ම රූකම් අැතුලත් කරමින් හෙල කලාකරුවන්ට ආවේණික වූ දස්කම් විදහා පෙන්වූ විශිෂ්ටතම නිර්මාණයක් විය.

තද කළු ගලින් හා හුණු ගලින් නිර්මාණය කරන ලද සදකඩපහණ රූකම් වලින් අලංකාර කිරීම සදහා අර්ධ කවාකාර හැඩයට තීරුවලට බෙදාගෙන ඈත.මෙම තීරු සත්ව වැල් හා ලියවැල්,පලාපෙති වලින්ද,මැද අර්ධ කවාකාර වූ පද්ම පෙති මෝස්තරයන්ගෙන්ද යුක්තය.ඉතාම අලංකාරවූත්,එසේම කලාත්මකවූත් සදකඩපහණ
ඈත්තේ අනුරාධපුරයේ බිසෝ මාළිගාවෙහි ය.පොළොන්නරුවෙත් දක්ෂ ලෙස කැටයම් කල සදකඩපහණක් තිබේ.බිසෝ මාළිගාවේ සදකඩපහණ රූකම් ඉතා තද ගලේ කරවන ලද වුවත් පරිස්සමෙන් හා සියුම්ව කර ඈත.එසේ වුවද රූකම් ප්‍රමාණවත් බවට කිසිදු හානියක් සිදු වී නැත.

Tuesday, January 10, 2012

බුදු පිළිම

වංශ කතා අනුව ශ්‍රී ලංකාවේ බුදු පිළිම නෙලීම ගන්ධාර,මථුරා සහ අමරාවතී ආදී සම්ප්‍රදායයන් අනුව සිදුවී ඇත.ක්‍රි.පූ 327 දී දෙවන පෑතිස් රජු ථූපාරාමය අසල සල පිළිමයක් පිහිට වූ බවත්,දුටුගැමුණු රජු රුවන්වලිසෑයේ ධාතු ගර්භයේ රනින් කල බුදු පිළිමයක් නිදන් කරවූ බවත්,කාවන්තිස්ස රජු සේරුවාවිල චේතියේ බුදු පිළිමයක් කරවූ බවත් මහා මහාවංශයේ සදහන් වෙයි.
කලාකරුවන් විසින් බුදු පිළිම සතර ඉරියව්වකින් නිර්මාණය කර ඇත.එනම්
  1. හිටි පිළිම
  2. ඉදි පිළිම
  3. සෑතපෙන පිළිම
  4. සක්මන් පිළිම
මෙලෙස නිර්මාණය කරන ලද බුදු පිළිමවල තවත් සුවිශේෂී ලක්ෂණයක් ලෙස විවිධ මුද්‍රා වලින් යුක්ත ව තිබීම පෙන්වා දිය හැකිය.බුදු පිළිමවල දැකිය හැකි මුද්‍රාවන් වන්නේ  ධ්‍යාන,අභය,විතර්ක,භූමි,ස්පර්ශ,ධම්මචක්‍ර,වරද,පරදුක්ඛ දුක්කඛිත,ආදී වශයෙනි.
  • ධ්‍යාන මුද්‍රාව
වම් අත්ල මත දකුණු අත්ල තබා උකුල මත රැද වූ ලෙසින් දෑක්වෙන මෙම මුද්‍රාව සහිත බුදු පිළිම බහුලව දක්නට ලැබෙයි.බුදුරජාණන් වහන්සේ භාවනායෝගීව වැඩ සිටිනා අයුරු නිරූපිතය.මහමෙවුනා උයනේ සමාධි පිළිමය හා තොලුවිල පිළිමය මීට නිදසුන් ලෙස දැක්විය හැකි ය.
  • අභය මුද්‍රාව
දුකට පත් වූවන් ගේ බිය පහ කිරීම මෙයින් මූර්තිමත් කෙරෙයි.දකුණු අත නමා උරහිස තෙක් ඔසවා අල්ල ඉදිරියට හැරෙන සේ නිර්මාණය වී ඇත.අවුකන බුදු පිළිමය මේ සදහා නිදසුනකි.
  • විතර්ක මුද්‍රාව
දහම් දෙසන අවස්ථාවේ ගැටලු නිරාකරණය කිරීමට දකුණු අත මාපට ඇගිල්ල දබරුගිල්ල හ එක්කොට දක්වන අයුරින් මෙය නිරූපිතය.මෙය ව්‍යාඛ්‍යාන නමින්ද හැදින්වේ.