වාහල්කඩ වූ කලී ලාංකීය කලාකරුවා ගේ කලා කෞශලයය මනාව පිලිඹිබු කරන තවත් එක් නිර්මාණයකි.පැරණි ස්ථූපවල අත්තිවාරමට සම්බන්ධ කොට සතර දිසාවට මුහුණලා අලංකාර කැටයම් සහිතව වාහල්කඩ ගොඩනැගිලි ඉදි කරවා ඇත.මූර්ති කලාව පිළිබද පැරණිම නිදසුන දක්වන වාහල්කඩ ලංකාවේ දාගැබ් වලට අයත් ඉතාම වැදගත් අංගයකි.ක්රි.පූ 1 වන සියවසේ දී පමණ මේවා තැනීම ආරම්භ වී ඇතැයි පරණවිතාන මහතාගේ මතයයි.
වාහල්කඩ දෙපසෙහි තනි කලු ගලින් නිම කළ උස කණු දෙක බැගින් ද ඒ දෙපස මිටි ගල් කණු දෙක බැගින් ද පිහිටුවා ඇත.ඇතැම් තැනක උස කණුව මුදුණෙහි ගලින් නෙළන ලද සිංහ රූපයක් හෝ ඇත් රූපයක් සවිකොට ඇත.මේ අනුව පැති සතරෙහිම උස කණු මත ඇත්,අස්,සිහ හා ගව රූප සවිකොට තිබෙන්නට ඇතැයි සිතිය හැකිය.කණු මුදුණතෙහි අල්පොන්නතක කැටයමින් යුක්ත ය.උස කණු කොටස් කීපයකට බෙදා එක් එක් කොටසෙහි ඇතුන්,පැටවුන් සහිත මොණරෙකු,ජය කොන්තය.පුන්කලසින් විහිදෙන ලියවැලක් වැනි කැටයමින් සරසා ඇත.ලියවැලෙහි හිස්තැන් තුළ ඇත්,සිංහ,මිනිස් හා කුරුලු රූප කැටයම් කර ඇත.
ලියවැලෙහි කද ඉහළ දී ක්රමයෙන් සිහින්වෙයි.කඳ දෙපසින් විහිදෙන නිරූඪ දිගටි කොළ ඉහළට යන විට කුඩා වෙයි.මුදුනතෙහි ධර්ම චක්රය,චත්රය, හෝ ත්රිරත්න වැනි බෞද්ධ සංකේත කැටයම් කර ඇත.කුඩා කණුවල පෙණ කීපයකින් යුත් නාග රූප ද,හිස පිටුපසින් දැක්වෙන පෙණ තුන,පහ සහ හත බැගින් යුතුව මිනිස් රැවින් දැක්වෙන නාග රූපද කැටයම් කර ඇත.මෙලෙස නිර්මාණය වූ වාහල්කඩ නම් වූ කලා නිර්මාණය විශිෂ්ට නිමැවුමකි.